Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:64 - Sinhala Revised Old Version

64 ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

64 ඔවුන්ගේ පූජකවරු කඩුවෙන් නැසුණෝ ය. ඔවුන්ගේ වැන්දඹුවෝ ශෝක ගීත ගායනා නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

64 ඔවුන්ගේ පූජකවරු කඩුවෙන් නැසුණෝ ය. ඔවුන්ගේ වැන්දඹුවෝ ශෝක ගීත ගායනා නොකළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:64
9 හුවමාරු යොමු  

ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.


පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.


නුඹලාගේ තොප්පි නුඹලාගේ හිස්වලද නුඹලාගේ වහන් නුඹලාගේ පාදවලද වන්නේය. නුඹලා විලාප කියන්නේවත් අඬන්නේවත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂයවී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනවා ඇත.


දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණේය; ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මැරුම්කෑවෝය.


දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්‍රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද් යන නම තැබුවාය.


ඕතොමෝ: දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ හෙයින් තේජස ඉශ්‍රායෙල් කෙරෙන් පහව ගියේයයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්