එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
ගීතාවලිය 73:26 - Sinhala New Revised Version මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක. Sinhala New Revised Version 2018 මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක. Sinhala Revised Old Version මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක. |
එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.
සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය.
සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.
මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත.
දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.
මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.
මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.
මන්ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වටහා දුන් ලෙස, නොබෝ කලකින් කූඩාරමක් වැනි මේ ශරීරය හැරපියා යන බව මම දනිමි.
ජයග්‍රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය.