ඇරත් අපි එක ම පියෙකුගේ පුතුන් වන සහෝදරයන් දොළොස්දෙනෙකුන් බවත්, එක් කෙනෙකු නැති බවත්, බාලයා දැන් කානාන් දේශයේ අපගේ පියා සමඟ සිටින බවත් කීවෙමු.
ගීතාවලිය 68:27 - Sinhala New Revised Version කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය. Sinhala New Revised Version 2018 කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය. Sinhala Revised Old Version ඔවුන්ගේ ආණ්ඩුකාරයා වන කුඩා බෙන්යමින්ද යූදාගේ අධිපතීන් හා මන්ත්‍රී සභාවද සාබුලොන්ගේ අධිපතීන් හා නප්තලීගේ අධිපතීහුද එහි සිටිති. |
ඇරත් අපි එක ම පියෙකුගේ පුතුන් වන සහෝදරයන් දොළොස්දෙනෙකුන් බවත්, එක් කෙනෙකු නැති බවත්, බාලයා දැන් කානාන් දේශයේ අපගේ පියා සමඟ සිටින බවත් කීවෙමු.
අබ්නේර් බෙන්ජමින්වරුන් සමඟ කතා කෙළේ ය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන් ද මුළු බෙන්ජමින් වංශය ද කළ යුතු යයි සම්මත කරගත් සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ට කියන පිණිස ගියේ ය.
සාවුල්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් තුන්දහසක් ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂ ව සිටියෝ ය.
දාවිත් තමා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පිළියෙළ කළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ජෙරුසලමට රැස් කෙළේ ය.
නව වැනි මාසයට නව වැනි අධිපතියා නම්, බෙන්ජමින් වංශයට අයිති වූ අනාතෝතිය අබියෙශෙර් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.
ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.
ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත. ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය. ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.
ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.
සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.