ගීතාවලිය 64:9 - Sinhala New Revised Version මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය. Sinhala New Revised Version 2018 මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය. Sinhala Revised Old Version සියලු මනුෂ්‍යයෝ භයවන්නෝය; ඔව්හු දෙවියන්වහන්සේ කළ දේ ප්‍රකාශකරන්නෝය, උන්වහන්සේගේ ක්‍රියාව ගැන නුවණින් කල්පනාකරන්නෝය. |
දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.
පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.
එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”
ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.
ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.
බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.
අප නිවැරැදි බව සමිඳාණෝ එළිදරව් කළ සේක: එන්න, අපි අපේ දෙවි සමිඳුන්ගේ ක්‍රියා සියොන්හි ප්‍රකාශ කරමු.
නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා ද දුටු විට නුඹලා සැනසෙනු ඇත. කුමක් නිසා ද, මා එහි කළ සියල්ල නිකරුණේ නොකළ බව නුඹලා දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ “
මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.