ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 44:14 - Sinhala New Revised Version

ඔබ අප විජාතීන් අතර නින්දාවක් ද මිනිසුන් අතර සමච්චලයක් ද වන්නට සලසා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ අප විජාතීන් අතර නින්දාවක් ද මිනිසුන් අතර සමච්චලයක් ද වන්නට සලසා ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 44:14
15 හුවමාරු යොමු  

මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත.


ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය.


මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත.


එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.


මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.


සමිඳුන් මිනිසුන් අතර මා නින්දා පාඨයක් කර ඇත. ඔව්හු මාගේ මුහුණට කෙළ ගසති.


මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති.


සමිඳුනි, අපට කරුණා කළ මැනව; අපට කරුණා කළ මැනව. මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු.


සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති; දත නියවා, හිස වනා මෙසේ කියති:


අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.


ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය; “සියොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය. ජෙරුසලම් දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.


ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත.


ඔම්රි රජුගේ අණපණත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”


උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.