ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 40:10 - Sinhala New Revised Version

ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි; ඔබගේ විශ්වාසකම හා ගැළවීම ප්‍රකාශකෙළෙමි. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් මහත් සභාවෙන් නොසැඟවීමි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 40:10
25 හුවමාරු යොමු  

දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමි තුමන් සොයන්නෝ එතුමන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා!


හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.


හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.


මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි.


සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.


එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”


ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.


දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.


සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”


කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.


දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ.


උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.


මන්ද, ඔබ වෙතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත.


පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය.


ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!