දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.
ගීතාවලිය 23:5 - Sinhala New Revised Version ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය. Sinhala New Revised Version 2018 ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය. Sinhala Revised Old Version මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි. |
දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.
තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමි තුමන් සොයන්නෝ එතුමන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා!
ඔබ යුක්තියට ප්‍රේම කොට, අයුක්තියට ද්වේෂ කරයි. එබැවින් දෙවිඳුන්, ඔබේ දෙවිඳුන්, ඔබ තෝරාගෙන අන් හැමට වඩා ඔබට සව්සිරි දී ඇත.
දෙවිඳුන්ට විරුද්ධ ව ඔව්හු කතා කරමින්, “පාළුකරයේ දී ආහාර සැපයීමට එතුමන්ට හැකි දැ”යි ඇසුවෝ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.
ඔබ බඳුන් පුරා මිදිපැන් බොන්නහු ය; ඉස්තරම් තෙල් ඇඟ ගාගන්නහු ය. එහෙත්, ඉශ්රායෙල්ට වන විනාශය ගැන ශෝක නොවන්නහු ය.
එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.
අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?
ක්‍රිස්තුන් වහන්සේ තුළ, ඔබ සමඟ අප ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ අප ආලේප කර,
අප තුළ ක්‍රියා කරන බලය කරණකොටගෙන අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇති
උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.