ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය.
ගීතාවලිය 2:4 - Sinhala New Revised Version සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක. Sinhala New Revised Version 2018 සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක. Sinhala Revised Old Version ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක. |
ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය.
හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.
පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.
ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.
ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි; භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි.
ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.
උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?