නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි. එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
ගීතාවලිය 18:38 - Sinhala New Revised Version යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. Sinhala New Revised Version 2018 යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති. Sinhala Revised Old Version නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාද යට වැටෙන්නාහුය. |
නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි. එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමි තුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක. ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.
“ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය.
එවිට දාවිත් ද ඔහුගේ සෙනඟ ද කෙයිලා නගරයට ගොස් පිලිස්තිවරුන් සමඟ යුද්ධ කොට, ඔවුන්ගේ සිවුපාවුන් පැහැරගෙන, ඔවුන් අන්ත පරාජයට පමුණුවා කෙයිලාහි වැසියන් ගළවාගත්තේ ය.
දාවිත් ඇඳිරි වේලේ පටන් පසු දින සවස දක්වා ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැඟී පලා ගිය තරුණයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.