ගීතාවලිය 17:10 - Sinhala New Revised Version මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති. Sinhala New Revised Version 2018 මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති. Sinhala Revised Old Version ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟුලෙස කථාකරති. |
සුව පහසු ලබමින් සිටින අයගේ උපහාසයටත්, අහංකාරීන්ගේ නින්දාවටත් අපි බොහෝ කල් ලක් වී සිටියෙමු.
සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”
පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය.
මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත; කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත. ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ; කන්වලින් ඔවුන්ට නො ඇසේ; සිත්වලින් ඔවුන්ට නොවැටහේ.”
මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.
මන්ද, මේ සෙනඟගේ සිත් අඳුරු ය, ඔව්හු කන් හොඳට වසා ගෙන, ඇස් පියා ගෙන සිටිති. එසේ කර ඇත්තේ, තමන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසත්, කන්වලින් නොඅසන පිණිසත්, සිතින් තේරුම් ගෙන නොහැරෙන පිණිසත්, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසත් ය.’ “
ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.
ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.
උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න; අහංකාර දෙඩුම් ඔබේ මුඛවලින් නොනික්මේ වා! මන්ද, සමිඳු සියල්ල දන්නා වූ දෙවි කෙනෙකි; මිනිසුන්ගේ සියලු ක්‍රියා විනිශ්චය කරන කෙනෙකි.