ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
ගීතාවලිය 148:4 - Sinhala New Revised Version උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමන් පසසන්න. Sinhala New Revised Version 2018 උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමාණෝ පසසන්න. Sinhala Revised Old Version ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. |
ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.
නෝවාට වයස අවුරුදු හයසියයේ දී, දෙ වන මාසයේ හරියට ම දාහත් වන දින මහා සමුද්‍රයේ සියලු උල්පත් බිඳී ජලය ගලා ගියේ ය; අහසේ කවුළු විවෘත විය.
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?
එස්රා මෙසේ යාච්ඤා කෙළේ ය: “ඔබ ම, ඔබ පමණක් ම සමිඳාණන් වහන්සේ ය. ඔබ ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද එහි සියලු ග්‍රහතාරකා ද පොළොව සහ එය මතුපිට ඇති සියල්ල ද සත් සමුදුර සහ එහි ඇති සියල්ල ද මැවූ සේක. ඔබ ම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ග්‍රහතාරකාවෝ ද ඔබට නමස්කාර කරති.
ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.
දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.
දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.
බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.