Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 148:4 - Sinhala Revised Old Version

4 ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමන් පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමාණෝ පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 148:4
12 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?


දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය.


බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.


ඔබම, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක, ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාරකෙරෙති.


ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක.


බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද?


ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.


බලව, උන්වහන්සේ ස්වකීය හඬ එනම් බලවත්වූ හඬක් නික්මවනසේක.


නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.


දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක.


අපේ දෙවියන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා මා විසින් ගොඩනගන ගෘහය මහත්ය.


මක්නිසාද දෙවියන්වහන්සේ සියොන් ගළවනසේක, යූදාගේ නුවරවල් ගොඩනගනසේක; ඔව්හු එහි වෙසෙමින් එය භුක්ති විඳින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්