ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 146:3 - Sinhala New Revised Version

රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 146:3
11 හුවමාරු යොමු  

ඔහු උත්තර දෙමින්, “සමිදාණන් වහන්සේ ඔබට පිහිට නොවන සේක් නම්, මම කුමකින් ඔබට පිහිට වෙම් ද? මට තිරිඟු වත් මිදි වත් ඇද් දැ?”යි කියා,


එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය.


එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.


එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.


පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.


හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?


එසේ වූ විට ස්ථිර ව සවිකළ ඇණය බුරුල් වී වැටෙන්නේ ය. එහි එල්ලා තිබුණු සියල්ල ගැළවී වැටී යන්නේ ය. එහි අවසානයත් එය ම වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.”


මිසරවාසීහු දෙවිවරු නොවෙති. ඔව්හු මනුෂ්‍යයෝ ය. ඔවුන්ගේ අශ්වයන්ට අලෞකික බලයක් නැත; ඔව්හු ඇට මස්වලින් යුක්ත ය. සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේ ය. එයින් උදව් ලැබූ බෙලහීන ජාතිය ද වැටෙන්නේ ය. ඒ ජාති දෙක ම විනාශ කරනු ලබන්නෝ ය.


ඔහු වෙත මේ පිළිතුර යැවී ය: “අසිරියාවේ රජුගේ සේවකයන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කිවූ මේ අපහාස වචන ඇසූ විට ඒ ගැන බිය නොවන්න.