දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි; පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.
මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි.