ගීතාවලිය 146:10 - Sinhala New Revised Version සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා! Sinhala New Revised Version 2018 සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා! Sinhala Revised Old Version එම්බා සියොන් නගරය, ස්වාමීන්වහන්සේ, එනම් නුඹේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |
ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.
සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.
සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”
ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.
මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද, එතුමාණෝ ජීවමාන සදාතනික දෙවිඳාණෝ ය. එතුමාණන්ගේ රාජ්‍යය පහ නොවන්නේ ය; එතුමාණන්ගේ පාලනය ද අවසන් නොවන්නේ ය.
සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.”
“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.