ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද
ගීතාවලිය 145:2 - Sinhala New Revised Version සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි. Sinhala New Revised Version 2018 සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි. Sinhala Revised Old Version සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි. |
ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද
දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක; මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.
එතුමා චිරාත් කාලයක් ජීවත් වේ වා! ෂෙබාහි රත්රන් එතුමාට පුදනු ලැබේ වා! නිරතුරු එතුමා උදෙසා අයැදුම් කරනු ලැබේ වා! දවස පුරා ආසිරි පතනු ලැබේ වා!
සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක.