ගීතාවලිය 141:9 - Sinhala New Revised Version ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව. Sinhala New Revised Version 2018 ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව. Sinhala Revised Old Version ඔවුන් මට තැබූ මලපතින්ද අයුතුකම්කරන්නන්ගේ උගුල්වලින්ද මා ආරක්ෂාකළ මැනව. |
මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.
මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි. මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි. මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත. කිසිවෙක් මා ගැන සලකන්නේ නැත.
මා මැරීමට සොයන අය මට උගුල් අටවා ඇත; මට අනතුරු කරන්න සොයන අය නපුරු දේ කිය කියා දවස පුරා කූට උපා යොදති.
ඔබ හදිසියෙන් සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධ ව පමුණුවන කල ඔවුන්ගේ නිවෙස්වලින් කෑගැසීමක් ඇසේ වා! මන්ද, ඔවුන් මා අසුකරන්නට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තබා ඇත.
ඔව්හු උන් වහන්සේගේ කටින් වචනයක් අල්ලාගෙන උන් වහන්සේ රජයට ද ආණ්ඩුකාරයාගේ බලයට ද බාර දීමට අවස්ථාවක් සොයමින්, තමන් අවංකයන් සේ පෙනී සිටින ඔත්තුකාරයන් යැවූ හ.