ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 140:11 - Sinhala New Revised Version

නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව. සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව. සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නපුරුවූ කේලාම්කාර මනුෂ්‍යයා පොළොවෙහි ස්ථිර නොවන්නේය. බලාත්කාරකරන්නා හෙළන පිණිස නපුර ලුහුබඳින්නේය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 140:11
10 හුවමාරු යොමු  

දුෂ්ටයා නපුරෙන් වැනසෙයි. දැහැමි අයට දෙස් තබන්නෝ දඬුවම් ලබන්නෝ ය.


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.


විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි.


වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.


ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත; ඒවායේ ප්‍රතිවිපාක ඔබේ ම වගකීම ය.


අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද


එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත! ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.