දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.
ගීතාවලිය 14:3 - Sinhala New Revised Version ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත. Sinhala New Revised Version 2018 ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත. Sinhala Revised Old Version සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත. |
දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.
නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි. ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව. මම ඔබේ ආඥා අමතක නොකරමි.
“දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති; යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.
පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය.
උන් වහන්සේ ඔහු ඉල්ලූ ලෙස ඉටු කරමින් පාරාවෝගෙන් ද ඔහුගේ නිලධාරීන්ගෙන් ද ඔහුගේ සෙනඟගෙන් ද මැසි රංචු පහකළ සේක. එවිට එකෙක් වත් ඉතිරි නො වී ය.
මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත.
අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.
මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”
නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”
මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු.
‘මා ඔවුන්ගේ පියවරුන්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ ඒ සාරවත් රටට මේ දුෂ්ට පෙළපතට අයිති කිසි ම කෙනෙක් ඇතුළු නොවන්නෝ ය.