ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 137:8 - Sinhala New Revised Version

අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, නුඹ අපට කළාක්මෙන් නුඹට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 137:8
14 හුවමාරු යොමු  

බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.


සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය; මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”


කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනිය ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවර ජෙරමියාට දුන් පණිවුඩය මෙය වේ:


“බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය.


“බබිලෝනියෙහි වාසය කරන නුඹලා සියොන් නගරයට බේරී එන්න.”


ස්වර්ගයෙනි, සැදැහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.


ඈ කළ ලෙස ම ඈටත් කරන්න. ඇගේ ක්‍රියා අනුව දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍ර කර දුන් පාත්‍රය දෙගුණයකින් දැඩි කර ඈට දෙන්න.