එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.
ගීතාවලිය 135:19 - Sinhala New Revised Version එම්බා ඉශ්රායෙල් වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. Sinhala New Revised Version 2018 එම්බා ඉශ්රායෙල් වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. Sinhala Revised Old Version එම්බා ඉශ්රායෙල් වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |
එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.
සමිඳාණෝ අප සිහිකරන සේක; අපට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ඉශ්රායෙල් වංශයට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ආරොන්ගේ වංශයට ආශීර්වාද කරන සේක.
එතුමන්ගේ සියලු සෙනඟ ද එතුමන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි.