කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද? නොහොත් නුඹට පිටුපසින් ඌ කුඹුර පෝරු ගානු ඇද් ද?
ගීතාවලිය 129:3 - Sinhala New Revised Version කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය. Sinhala New Revised Version 2018 කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය. Sinhala Revised Old Version හී හාන්නෝ මාගේ පිටෙහි හෑවෝය; තමුන්ගේ හීවිටි දීර්ඝකොට හෑරූය. |
කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද? නොහොත් නුඹට පිටුපසින් ඌ කුඹුර පෝරු ගානු ඇද් ද?
මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”