හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.
ගීතාවලිය 112:10 - Sinhala New Revised Version දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය. Sinhala New Revised Version 2018 දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය. Sinhala Revised Old Version දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය. |
හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.
කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.
දෙවිඳුන් අමතක කරන කොයි මිනිසාගේත් ඉරණම එසේ ම වේ. දෙවිඳුන් නොහඳුනන්නාගේ පැතීම ද එසේ ම වැනසී යන්නේ ය.
ඔබ මට ආධාරය සහ සැනසීම දුන් බව මාගේ සතුරන් දැන ලජ්ජා වන පිණිස, ඔබේ දයා කරුණාවට සාක්ෂියක් දුන මැනව.
එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය.
එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක.
ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ.