මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.
ගීතාවලිය 101:7 - Sinhala New Revised Version වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය. Sinhala New Revised Version 2018 වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය. Sinhala Revised Old Version වංචාකරන කිසිවෙක් මාගේ ගෙයි නොවසන්නේය; බොරුකියන කිසිවෙක් මාගේ ඇස් හමුවෙහි පිහිටුවනු නොලබන්නේය. |
මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.
දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.
මාගේ බලවත් හස්තය නිෂ්ඵල දර්ශන දකින බොරු දිවැස් කියන දිවැසිවරුන්ට විරුද්ධ ව ඔසවමි. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝ ය; ඉශ්රායෙල්වරුන්ගේ වංශාවලියේ ලියනු නොලබන්නෝ ය. ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.