ගණන් කථාව 9:22 - Sinhala New Revised Version දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ; Sinhala New Revised Version 2018 දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ; Sinhala Revised Old Version වලාකුළ දෙදවසක් හෝ මසක් හෝ අවුරුද්දක් හෝ මණ්ඩපය පිට නැවතී තිබුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකර තමුන්ගේ කූඩාරම්වල නැවතී සිටියෝය. නුමුත් එය ඔසවනු ලැබූ කල ඔව්හු ගමන් කළෝය. |
ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.
“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය; “ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.
මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ.
මණ්ඩපයෙන් වලාකුළ ඉවත් කරනු ලැබූ සැම විට ම ඉශ්රායෙල් ජනයා ද යන්නට පිටත් වූ හ. වලාකුළ යළි පහළ වූයේ යම් තැනක ද එතැන ඉශ්රායෙල් ජනයා තම තමන්ගේ කූඩාරම් ගැසූ හ.
සමහර විට වලාකුළ සවස සිට උදය දක්වා එහි තිබී, උදය කාලයේ දී ඉවත් කරනු ලැබී නම් ඔව්හු යන්නට වූ හ. දවල් කාලයේ හෝ රාත්‍රි කාලයේ හෝ වේ වා, වලාකුළ ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ.
උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න.