“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
ගණන් කථාව 9:17 - Sinhala New Revised Version මණ්ඩපයෙන් වලාකුළ ඉවත් කරනු ලැබූ සැම විට ම ඉශ්රායෙල් ජනයා ද යන්නට පිටත් වූ හ. වලාකුළ යළි පහළ වූයේ යම් තැනක ද එතැන ඉශ්රායෙල් ජනයා තම තමන්ගේ කූඩාරම් ගැසූ හ. Sinhala New Revised Version 2018 මණ්ඩපයෙන් වලාකුළ ඉවත් කරනු ලැබූ සැම විට ම ඉශ්රායෙල් ජනයා ද යන්නට පිටත් වූ හ. වලාකුළ යළි පහළ වූයේ යම් තැනක ද එතැන ඉශ්රායෙල් ජනයා තම තමන්ගේ කූඩාරම් ගැසූ හ. Sinhala Revised Old Version වලාකුළ යම් විටක කූඩාරම මත්තෙන් ඔසවනලද්දේද ඉන්පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය. වලාකුළ යම් තැනක නැවතුණේද එතැන්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කූඩාරම් ගසාගත්තෝය. |
“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.
ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.
දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ;
දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.