එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි. කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි.
ගණන් කථාව 27:5 - Sinhala New Revised Version මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය. Sinhala New Revised Version 2018 මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය. Sinhala Revised Old Version මෝසෙස් ඔවුන්ගේ කාරණය ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට ගෙනායේය. |
එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි. කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි.
මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”
ඔහු එලෙයාසර් පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. මේ පූජකවරයා මා ඉදිරියෙහි උරීම් කැට භාවිත කිරීමෙන් ඔහු විමසනු ඇත. මෙසේ පූජකවරයා විධාන කිරීමෙන් ඔහුට ද මුළු ඉශ්රායෙල් ජනතාවට ද මඟපෙන්වනු ඇත.”
ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.
“දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය.
මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ කුමක් අණ කරන සේක් දැ යි මා අසාගෙන එන තෙක් ඔබ මෙහි සිටින්නැ”යි කී ය.
ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, “සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය.