Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 17:4 - Sinhala New Revised Version

4 ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, “සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, “සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔව්හු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද අධිපතීන්ද ඉදිරියට අවුත්: ස්වාමීන්වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දෙන්ට මෝසෙස්ට අණ කළසේකැයි කීවෝය. එබැවින් ඔහු ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 17:4
9 හුවමාරු යොමු  

ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.


ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය.


ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය.


ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.


ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ශෙලෝපෙහාද්ගේ දූවරු ද ඉටු කළහ.


එවිට ලෙවීවරුන්ගේ පවුල්වල ප්‍රධානීහු එලෙයාසර් නම් පූජකයා ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ගෝත්‍රයන්ගේ පවුල්වල ප්‍රධානීන් ද වෙත පැමිණ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්