ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 26:28 - Sinhala New Revised Version

පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම්ගෙන් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම්ගෙන් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ නම්:

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 26:28
9 හුවමාරු යොමු  

තවද, මිසර දේශයේ දී ඕන් නම් පූජ්‍ය ස්ථානයේ පොතිපෙරා නම් පූජකයාගේ දුව වන ආසෙනත්, ජෝසෙප්ට දාව මනස්සේ සහ එප්‍රායිම් ලැබුවා ය.


තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.


මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.


මනස්සේගේ පුත්‍රයෝ: මනස්සේට අරමීය උපභාර්යාවගෙන් පුතුන් දෙදෙනෙක් ලැබී ය. ඔව්හු අශ්‍රීයෙල් හා මාකීර් ය. මාකීර්, ගිලියද්ගේ පියා විය.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් මනස්සේගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


ගොඩ මඩ සරුසාර අස්වැන්න ද පඳුරේ සිට කතා කළ තැනැන් වහන්සේගේ ප්‍රසාදය ද යන සියලු ආසිරි ජෝසෙප්ගේ පෙළපත පිට පහළ වේ වා! සිය සොහොයුරන් අතර රජ කුමරු ඔහුගේ පරපුර පිට පහළ වේ වා!


ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය.