Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 5:23 - Sinhala New Revised Version

23 මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 5:23
9 හුවමාරු යොමු  

මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න.


එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය. මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක. එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.


ගිලියද් ද ගෙෂුර්වරුන්ගේත්, මයකාත්වරුන්ගේත් පළාත ද මුළු හෙර්මොන් කඳුකරය ද


ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.


ඔව්හු නුඹේ නැවේ ලෑලි සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදූ හ. නුඹට කුඹ ගසක් සාදන්න ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්හ,


පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම්ගෙන් ය.


ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්