Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 46:20 - Sinhala New Revised Version

20 තවද, මිසර දේශයේ දී ඕන් නම් පූජ්‍ය ස්ථානයේ පොතිපෙරා නම් පූජකයාගේ දුව වන ආසෙනත්, ජෝසෙප්ට දාව මනස්සේ සහ එප්‍රායිම් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 තවද, මිසර දේශයේ දී ඕන් නම් පූජ්‍ය ස්ථානයේ පොතිපෙරා නම් පූජකයාගේ දුව වන ආසෙනත්, ජෝසෙප්ට දාව මනස්සේ සහ එප්‍රායිම් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 46:20
15 හුවමාරු යොමු  

ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය.


එදින ඔහු ඔවුන්ට ආශීර්වාද කරමින්, “ඉශ්රායෙල් ජනතාව අතර ආසිරි පැතුමක් දෙන විට ඔබේ නමින් මෙසේ කියමින් දෙවියන් වහන්සේ ඔබ එප්‍රායිම් සහ මනස්සේ සමාන කරන සේක් වා කියනු ඇතැ”යි කී ය. මෙලෙස ඔහු එප්‍රායිම් මනස්සේට පෙරටුව තැබී ය.


ජාකොබ්ගේ භාර්යාව වූ රාකෙල්ගේ පුත්‍රයන් වන ජෝසෙප් සහ බෙන්ජමින් ය.


ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය.


ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය.


ආවෙන්හි ද පී-බෙසෙත්හි ද යෞවනයෝ කඩුවෙන් නසින්නෝ ය; එහි වැසියෝ වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.


කලක් ගිය පසු, “ඔබේ පියා ලෙඩින් සිටී”ය යි ජෝසෙප්ට දන්වන ලදුව, ඔහු තම පුතුන් දෙදෙන වන මනස්සේ සහ එප්‍රායිම් තමා කැටුව ගෙන ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්