මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.
ගණන් කථාව 25:14 - Sinhala New Revised Version මිදියන් ජාතික ස්ත්‍රී සමඟ මරණ ලද ඉශ්රායෙල් ජාතිකයාගේ නම සිම්රි ය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයා ය. Sinhala New Revised Version 2018 මිදියන් ජාතික ස්ත්‍රී සමඟ මරණ ලද ඉශ්රායෙල් ජාතිකයාගේ නම සිම්රි ය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයා ය. Sinhala Revised Old Version මරනු ලැබු එනම් මිදියන් ස්ත්‍රිය සමඟ මරනු ලැබූ ඉශ්‍රායෙල් මනුෂ්‍යයාගේ නම සිම්රීය, ඔහු වනාහි සාලුගේ පුත්‍රවූ, සිමියොන්වරුන්ගේ පිය වංශයක අධිපතියෙක්ය. |
මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.
ඔව්හු මිදියන් දේශයෙන් පිටත් ව පාරාන් දේශයට පැමිණ, පාරාන් දේශයෙන් මිනිසුන් කැඳවාගෙන, මිසරයේ රජ වූ පාරාවෝ වෙත මිසරයට ගියෝ ය. රජ තෙම ඔහුට වාසස්ථානයක් දී, ආහාර පාන නියම කොට, ගම්බිම් ද දුන්නේ ය.
තවද, ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොවුහු ය. රූබන්වරුන්ට ආණ්ඩුකාරයා ව සිටියේ ශික්රීගේ පුත් එලියෙසර් ය. සිමියොන්වරුන්ට මයකාගේ පුත් ෂෙපටියා ය.
එබැවින් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව ප්‍රවේසමින් ක්‍රියා කරන්න. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේ වංචාවක් වත්, අයුක්තියක් වත්, අල්ලස් ගැනීමක් වත් නොකරන කෙනෙකු වන බැවිනි”යි විනිශ්චයකාරයන්ට කීවේ ය.
සදාතන පූජකවරයේ ගිවිසුමක් වශයෙන් එය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් හිමි වනු ඇත. මා එසේ කෙළේ ඔහු තම දෙවියන් වහන්සේට ලැදි ව, ඉශ්රායෙල් ජනයාට පව් කමාව සැලැසූ හෙයිනි”යි වදාළ සේක.
මරණ ලද මිදියන් ජාතික ස්ත්‍රිය කොස්බි ය. ඈ මිදියන්හි දෙටු කුලයක සෙනඟට අධිපති නායකයෙකු වූ ශූර්ගේ දුව ය.
සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද