Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 25:14 - Sinhala Revised Old Version

14 මරනු ලැබු එනම් මිදියන් ස්ත්‍රිය සමඟ මරනු ලැබූ ඉශ්‍රායෙල් මනුෂ්‍යයාගේ නම සිම්රීය, ඔහු වනාහි සාලුගේ පුත්‍රවූ, සිමියොන්වරුන්ගේ පිය වංශයක අධිපතියෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මිදියන් ජාතික ස්ත්‍රී සමඟ මරණ ලද ඉශ්රායෙල් ජාතිකයාගේ නම සිම්රි ය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මිදියන් ජාතික ස්ත්‍රී සමඟ මරණ ලද ඉශ්රායෙල් ජාතිකයාගේ නම සිම්රි ය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 25:14
10 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව ප්‍රවේසමින් ක්‍රියාකරන්න; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අයුක්තියක්වත් මනුෂ්‍යයන්ගේ තරාතිරම් බැලීමක්වත් අල්ලස් ගැනීමක්වත් නැතැයි විනිශ්චයකාරයන්ට කීවේය.


සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය.


සිමියොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි පනස්නවදාස් තුන්සියයක්ය.


මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.


ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජවලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.


මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.


තවද ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය;


ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.


සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්