ගණන් කථාව 2:34 - Sinhala New Revised Version උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ. Sinhala New Revised Version 2018 උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය. |
මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.
ඉතිරි ඉශ්රායෙල් ජනයා කඳවුර ළඟ කණ්ඩායම් වශයෙන් එක් එක්කෙනා තම තමන්ගේ ධජය යට තම තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.
එවිට ඉශ්රායෙල් ජනයා සීනයි පාළුකරයෙන් නික්ම යන්නට පිටත් වූ හ. වලාකුළ පාරාන් නම් පාළුකරයේ රැඳී නැවතිණි.
“ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙක් ම තම පිය පෙළපත්හි ලකුණු අනුව, තම ගෝත්‍රයේ ධජය සමීපයේ තම තමාගේ කූඩාරම ගැසිය යුතු වේ. එහෙත්, ඒවා ගැසිය යුත්තේ සම්මුඛ මණ්ඩපය ඉදිරියේ වටකරමින් ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්‍රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.
ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.
ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය.
සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.