Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 2:34 - Sinhala New Revised Version 2018

34 උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 2:34
15 හුවමාරු යොමු  

ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි.


මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.


ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය.


ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.


ඉශ්රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙළ මෙසේ විය.


“ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙක් ම තම පිය පෙළපත්හි ලකුණු අනුව, තම ගෝත්‍රයේ ධජය සමීපයේ තම තමාගේ කූඩාරම ගැසිය යුතු වේ. එහෙත්, ඒවා ගැසිය යුත්තේ සම්මුඛ මණ්ඩපය ඉදිරියේ වටකරමින් ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල ඉටු කළහ.


ඉතිරි ඉශ්රායෙල් ජනයා කඳවුර ළඟ කණ්ඩායම් වශයෙන් එක් එක්කෙනා තම තමන්ගේ ධජය යට තම තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්‍රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.


සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.


මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.


එවිට ඉශ්රායෙල් ජනයා සීනයි පාළුකරයෙන් නික්ම යන්නට පිටත් වූ හ. වලාකුළ පාරාන් නම් පාළුකරයේ රැඳී නැවතිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්