ගණන් කථාව 19:22 - Sinhala New Revised Version අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ “ Sinhala New Revised Version 2018 අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ ” Sinhala Revised Old Version අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක. |
එවැන්නෙකු වාඩිගත් ආසනයක් යමෙකු ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර ය. යමෙකු එවැන්නෙකු වාඩිගත් යමක් උස්සාගෙන ගියොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
මෝචනය ඇති කෙනෙකු වතුරෙන් අත් නොසෝදා, වෙන කෙනෙකු ස්පර්ශ කළොත්, ඒ තැනැත්තා තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
යමෙකු ඇගේ යහන වේවා, ඈ වාඩි වූ ඕනෑ ම දෙයක් වේවා, ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.
එවැන්නෙකු වාඩි වූ අසුනක යමෙකු වාඩි වුණොත්, මොහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. මොහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.
යමෙකු එවැන්නෙකුගේ ඇඟ ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍රය යයි සැලකෙනු ඇත.
එවැන්නෙකු පවිත්‍ර යයි සැලකෙන යමෙකුට කෙළ ගැසුවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.
මළසිරුරක් නිසා අපවිත්‍ර වූ යමක් ස්පර්ශ කරන කෙනෙක් හෝ ධාතු මෝචනය ඇති කෙනෙක් හෝ අපවිත්‍ර බඩගා යන සතෙකු වත්, යම් කිසි අපවිත්‍රකමක් ඇති මිනිසෙකු වත් ස්පර්ශ කරන කෙනෙක් හෝ අපවිත්‍ර වන්නේ ය.
මෙසේ ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ පූජකයෙකු සවස දක්වා අපවිත්‍ර යයි සැලකේ. ඔහු ජලස්නානය කරන්නට පෙර ශුද්ධ පූජාවලින් කිසිවක් නොවැළඳිය යුතු ය.
යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සැලකෙන හීලෑ සතෙකුගේ, වන සතෙකුගේ හෝ බඩගා යන අපවිත්‍ර සතෙකුගේ මළකඳක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල අපවිත්‍ර වී වරදකරුවෙක් වන්නේ ය.
යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව මනුෂ්‍යයෙකු කෙලෙසන යම්කිසි අපවිත්‍ර දෙයක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.
අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක.
තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”
නැවතත් හග්ගයි මෙසේ ඇසී ය: “මළමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයි ද?” ඒ ප්‍රශ්නයට පූජකයෝ, “අපවිත්‍ර ය”යි පිළිතුරු දුන්හ.
ඉන්පසු පූජකවරයා තම ඇඳුම් සෝදා, ජලස්නානය කොට, කඳවුර තුළට ආ යුතු ය. එහෙත්, ඔහු හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.