ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 18:11 - Sinhala New Revised Version

“ඉශ්රායෙල් ජනයා පුදන පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවායින් විශේෂ කොටසක් ද නුඹට හිමි වනු ඇත. මම ඒවා නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් දානය කොට ඇත්තෙමි. නුඹේ ගෙදර පවිත්‍ර ව සිටින සැම කෙනෙකුට ම ඉන් වැළඳිය හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඉශ්රායෙල් ජනයා පුදන පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවායින් විශේෂ කොටසක් ද නුඹට හිමි වනු ඇත. මම ඒවා නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් දානය කොට ඇත්තෙමි. නුඹේ ගෙදර පවිත්‍ර ව සිටින සැම කෙනෙකුට ම ඉන් වැළඳිය හැකි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේවාත් නුඹට අයිතිය, එනම්, ඔවුන්ගේ දීමනාවේ එසවීමේ පූජාවවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලුම තේව පූජාය. ඒවා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 18:11
10 හුවමාරු යොමු  

ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.


ඔහු සෑම රොටි වර්ගවලින් ම එක් කොටසක් බැගින් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. එය සහභාගිකමේ පූජාවට පිදූ සතාගේ ලේ ඉසින පූජකවරයාට අයිති ය.


සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ ද නුඹේ දරුවන් ද නුඹේ පවුලේ අය ද ශුද්ධස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳ ව වගකිව යුතු ය. නුඹේ පූජකවරයට විරුද්ධ ව කෙරෙන වැරදි පිළිබඳ ව ද නුඹත්, නුඹේ දරුවනුත් වගකිව යුතු ය.


අතිශුද්ධස්ථානයක එය වැළඳිය යුතු ය. සෑම පිරිමියෙකුට ද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක් සේ සැලකිය යුතු ය.


“ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිඳාණන් වහන්සේ වන මම නුඹත්, නුඹේ පෙළපතත් සමඟ ගිවිසගත් සදහට ම වලංගු වන හෙවත් නොකැඩෙන ගිවිසුමක් ය.”


සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, ඉශ්රායෙල් ජනයා පුදන පූජාවලින් විශේෂ කොටසක් නුඹට උරුම කොට මම වෙන් කෙළෙමි. ඒවා සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුවන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කරන්නෙමි.


“සෙනඟ, ගොනෙකු හෝ බැටළුවෙකු හෝ පූජා වශයෙන් පුද කළ විට, පූජකවරයාට ඒ අයගෙන් හිමි වන කොටස මෙය වේ. එනම්, ඔවුන් පූජකවරයාට සතාගේ ඉස්සරහ ගාතය ද හකු දෙක ද ආමාශය ද දිය යුතු ය.