Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 18:3 - Sinhala New Revised Version

3 “සෙනඟ, ගොනෙකු හෝ බැටළුවෙකු හෝ පූජා වශයෙන් පුද කළ විට, පූජකවරයාට ඒ අයගෙන් හිමි වන කොටස මෙය වේ. එනම්, ඔවුන් පූජකවරයාට සතාගේ ඉස්සරහ ගාතය ද හකු දෙක ද ආමාශය ද දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “සෙනඟ, ගොනෙකු හෝ බැටළුවෙකු හෝ පූජා වශයෙන් පුද කළ විට, පූජකවරයාට ඒ අයගෙන් හිමි වන කොටස මෙය වේ. එනම්, ඔවුන් පූජකවරයාට සතාගේ ඉස්සරහ ගාතය ද හකු දෙක ද ආමාශය ද දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 සෙනඟගෙන් එනම් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ යාගයක් පිණිස ඔප්පුකරන තැනැත්තන්ගෙන් පූජකයන්ට ලැබිය යුතු කොටස මේය: ඉස්සරහ ගාතයක්ද දෙකන්සද ආමාශයද පූජකයාට දිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 18:3
7 හුවමාරු යොමු  

තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත දවන යාග පූජා ද එනම්, දේව පූජාසනය මත ලේ වගුරුවා මාංස අනුභව කළ යුතු අනිකුත් පූජා ද ඔප්පු කළ යුතු ය. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට වත් කළ යුතු ය. මාංසය ඔබට අනුභව කරන්නට පුළුවන.


“ඉශ්රායෙල් ජනයා පුදන පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවායින් විශේෂ කොටසක් ද නුඹට හිමි වනු ඇත. මම ඒවා නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් දානය කොට ඇත්තෙමි. නුඹේ ගෙදර පවිත්‍ර ව සිටින සැම කෙනෙකුට ම ඉන් වැළඳිය හැකි ය.


“ඔවුන් මට පුදන ඉතා අගනා තෙල් ද ඉස්තරම් මිදිපැන් ද හොඳ ම ධාන්‍ය සහ ඉතා වටිනා නාඹුල් පල ද මම නුඹට දෙන්නෙමි.


ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය.


සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.


ඉර බැස ගිය පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔහුගේ ආහාර වන පූජා ඔහුට වැළඳිය හැක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්