ඔවුන්ගේ අපරාධය නොවැසුව මැනව. ඔවුන්ගේ පාපය ඔබ ඉදිරියෙන් නොමැකේ වා! මන්ද, ගොඩනඟන අය ඉදිරිපිට දී ඔවුන් ඔබ උදහස් කර ඇත.”
කොලොස්සි 2:14 - Sinhala New Revised Version අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක. සිංහල කාලීන පරිවර්තනය අපට එදිරිව, අපට විරුද්ධව නැගී තිබූ චෝදනා පත්‍රය, එහි නියෝග සමඟ කටුගා දැමීමෙනි. එය කුරුසියට තබා ඇණ ගැසීමෙන්, උන්වහන්සේ එය ඉවත් කළ සේක. Sinhala New Revised Version 2018 අණපනත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක. Sinhala Revised Old Version අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක. |
ඔවුන්ගේ අපරාධය නොවැසුව මැනව. ඔවුන්ගේ පාපය ඔබ ඉදිරියෙන් නොමැකේ වා! මන්ද, ගොඩනඟන අය ඉදිරිපිට දී ඔවුන් ඔබ උදහස් කර ඇත.”
එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී.
ඉතින් ඔබට සුදුසු යයි පෙනෙන හැටියට ඔබ ජුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ නිවේදනයක් කිසිවෙකුට අවලංගු කළ නොහැකි ය”යි කීවේ ය.
දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.
එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය.
මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න.
“මහා මඟක් සාදන්න; මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය.
මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.
ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්,
නොපනත්කමේ අබිරහස දැනුදු එසේ ම ක්‍රියා කරයි. එහෙත් වළක්වා ලන තැනැත්තා ඉවත් කරනු ලැබුවායින් පසු, රහසිගත කිසිවක් නොපවතී.
පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත. මන්ද, ව්‍යවස්ථාව මඟින් කිසිවක් සම්පූර්ණ නො වී ය.
අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.
පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.