Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 3:12 - Sinhala New Revised Version

12 එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 3:12
12 හුවමාරු යොමු  

ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය.


හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.


එකල ඒ පිරිස රජු වෙත පැමිණ, “රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද නීතිය අනුව රජු විසින් පනවන ලද නියෝගයක් වෙනස් කළ නොහැකි බව ඔබතුමාට මතක් කරනු කැමැත්තෙමු”යි කී හ.


එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර, “රජතුමනි, තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු ඔබතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවට හෙළිය යුතු ය කියා ඔබතුමා ආඥා පත්‍රයක් අත්සන් කළා නොවේ දැ”යි ඇසූ හ. “එය එසේ ම යි; වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද ව්‍යවස්ථාව අනුව එය ස්ථිර ය”යි රජතුමා පිළිතුරු දුන්නේ ය.


ඉතින් රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රය ද වෙනස් නොකළ හැකි වන ලෙස එය ස්ථිර කර අත්සන් කළ මැනව.”


ජුදෙව්වරු නියමිත විධියටත්, නියම කාලයටත් වසරක් පාසා වසරක් නොවරදවා ඒ දවස් දෙක උත්සව දවස් ලෙස පැවැත්වීමේ වගකීම තමන් උදෙසා ද මතු පරම්පරාවන් උදෙසා ද තමන්ට එකතු වන අය උදෙසා ද භාරගන්නට තීරණය කරගත්හ.


රජතුමා හාමාන්ගෙන් ආපසු ගත්, තමාගේ පේරැස් මුද්ද ගලවා මොර්දෙකයිට දුන්නේ ය. එස්තර් තොමෝ හාමාන්ගේ ගේදොර කෙරෙහි මොර්දෙකයි පරිපාලකයා වශයෙන් පත් කළා ය.


තවද, ඔව්හු රජුගේ ආඥා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි රජුගේ දිශාධිපතීන්ටත්, ආණ්ඩුකාරයන්ටත් භාර දුන්නෝ ය. එවිට ඔව්හු සෙනඟටත්, දෙවියන් වහන්සේගේ මාලිගාවටත් සහාය දුන්නෝ ය.”


“රිදී ඔබට දී ඇත; සෙනඟත් දී ඇත; ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්නැ”යි කීවේ ය.


“රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාර කළ යුතු ය කියා ද


දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: “ඔබ හැමට සාමදානය වේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්