ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 24:7 - Sinhala New Revised Version

එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන,

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සෙන්පති ලිසියස් පැමිණ, මහත් බලහත්කාරයෙන් අපේ අත්වලින් ඔහු උදුරාගෙන,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන,

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 24:7
7 හුවමාරු යොමු  

නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී.


පාවුලු එහි තිබුණු පඩි පෙළ උඩට පැමිණි කල, සමූහයාගේ බලහත්කාරකම නිසා හේවායන්ට ඔහු උසුලා ගෙන යන්නට සිදු විය.


එවිට භේදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබැලි කොට ඉරාදමනු ඇතැ යි සේනාධිපතියා බිය වී, හේවායන්ට කතා කොට, ඔවුන් වෙතින් ඔහු පැහැර ගෙන බලකොටුවට ගෙන යාමට අණ කෙළේ ය.


ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, “කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය.


මොහු දේව මාලිගාව කෙලෙසන්නටත් උත්සාහ කෙළේ ය. එහෙත් අපි ඔහු අල්ලා ගතිමු. අපගේ ම ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කිරීම අපගේ තීරණය විය.


ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය.