Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 23:23 - Sinhala New Revised Version

23 ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, “කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 ඉන්පසු සියයේ හේවාපන්න නිලධාරීන් දෙදෙනකු කැඳවූ සෙන්පති, “අද රෑ තුන් වන පැයට කායිසාරියට යන පිණිස හේවායින් දෙසියයක්, අසරුවන් හැත්තෑවක් හා හෙල්ලකරුවන් දෙසීයක් ඇතුළත් සේනාංකයක් සූදානම් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, “කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එවිට ඔහු සියයකට මුලාදෑනීන් දෙදෙනෙකුට අඬගසා: කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක්ද අසරුවන් සැත්තෑවක්ද හෙල්ල දරන්නන් දෙසියයක්ද රාත්‍රියේ තුන්වෙනි පැයට සූදානම්කරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:23
8 හුවමාරු යොමු  

අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක.


ඔහු දෙ වන යාමයේ දී හෝ තුන් වන යාමයේ දී හෝ අවුත් එලෙස ම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය.


එවිට සේනාධිපතියා, “ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය.


මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ.


පසුවදා අසරුවන් ඔහු සමඟ යන්නට හැර, හේවායෝ බලකොටුවට හැරී ආහ.


අසරුවෝ කායිසාරියට අවුත් ලිපියත් සමඟ, පාවුලු ආණ්ඩුකාරයාට භාර දුන්හ.


එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන,


ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්