තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී,
ක්‍රියා 23:24 - Sinhala New Revised Version ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය. සිංහල කාලීන පරිවර්තනය පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිතව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය. Sinhala New Revised Version 2018 ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය. Sinhala Revised Old Version පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය. |
තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී,
මේ නියමය අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ජුදෙව්වරුන් ඝාතනය කරන්නට නියම ව තිබුණ අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා ක්‍රියාත්මක වන්නට නියම ව තිබිණි.
ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය.
තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි,
“ක්ලෞදියස් ලිසියස්, ශ්‍රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම්:
පස් දවසකට පසු උත්තම පූජක අනනියස්, සමහර ප්‍රජා මූලිකයන් ද තෙර්තුලස් නම් එක්තරා අධි නීතිඥයෙකු සමඟ අවුත් පාවුලුට විරුද්ධ ව ආණ්ඩුකාරයාට පැමිණිලි කෙළේ ය.
කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: “ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි.
ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටිය දී ෆෙස්තුස් පාවුලු පිළිබඳ කාරණය රජුට දන්වමින්, “ෆීලික්ස් නිදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටියි.