Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:24 - Sinhala Revised Old Version

24 පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිතව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:24
14 හුවමාරු යොමු  

ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටියදී පෙස්තුස් පාවුල්ගේ කාරණය රජුට දන්වමින්: පීලික්ස් නිදහස් නොකර ගිය එක් හිරකාරයෙක් සිටියි.


පාවුල්ට කථාකරන්ට ආණ්ඩුකාරයා සංඥාකළ කල්හි ඔහු උත්තරදෙමින්: ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජාතියට විනිශ්චයකාරයෙක්ව සිටින බව මම දන්න නිසා සතුටින් මාගේ කාරණය ගැන උත්තරදෙමි.


ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්–


අසරුවෝ කායිසාරියට ඇවිත් ආණ්ඩුකාරයාට ලියුම භාරදී පාවුල්ද ඔහු ඉදිරියෙහි සිටෙවුවෝය.


ළඟට ගොස්, ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රිකපානයද වත්කොට තුවාල බැඳ, තමාගේම මෘගයා පිට හිඳුවාගෙන, තානායමකට ගෙන ගොස්. ඔහු බලාගත්තේය.


පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලූසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඑස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි,


ඔව්හු උන්වහන්සේ බැඳගෙන ගොස් ආණ්ඩුකාරයාවූ පිලාත්ට භාරදුන්නෝය.


තමුන්ගේ ප්‍රාණ උදෙසා විරුද්ධව සිටින්ටත් තමුන්ට අන්තරායකරන්ට කැමතිවූ සෙනඟද දේශවාසීන්ද යන සියලුම සේනාවල් බාලයන්ද ස්ත්‍රීන්ද ඇතුළුව නැතිකරන්ටත් මරාදමන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකාගන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල එක එක නුවර සිටින යුදෙව්වරුන්ට රජ අවසර දෙන්නේය යනුයි.


තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත්වී,


තවද ඔහු මෙසේ ලියුමක් ලියුවේය:


පස් දවසකට පසු උත්තම පූජකවූ අනනියස් සමහර වැඩිමහල්ලන්ද තෙර්තුලස් නම් එක්තරා ව්‍යක්තයෙක්ද සමඟ බැස ඇවිත් පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයාට පැමිණිලිකෙළේය.


සෑම විටම සෑම තැන්වලදීම සියලු ආකාර ස්තුතිවන්තකමෙන් අපි ඒත්තුගනිමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්