තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.
ක්‍රියා 10:41 - Sinhala New Revised Version උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය. සිංහල කාලීන පරිවර්තනය හැම දෙනාටම නො වේ; පෙනුණේ ඒ වන විට දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද සාක්ෂිකරුවන්වූත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, උන්වහන්සේ සමඟ කෑවාවූ, බීවාවූ අපට ය. Sinhala New Revised Version 2018 උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය. Sinhala Revised Old Version නුමුත් මුළු සෙනඟට නොව, දෙවියන්වහන්සේ විසින් කලින් තෝරාගන්නාලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු පසු උන්වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය. |
තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.
ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.
තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි.
ජූදස් ඉස්කාරියොත් නොවන අනෙක් ජූදස් උන් වහන්සේ අමතා: “ස්වාමීනි, ඔබ වහන්සේ අපට එළිදරව් වී ලෝකයාට එළිදරව් නොවන්නේ කෙසේ දැ”යි ඇසී ය.
ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න.
උන් වහන්සේ ජුදෙව්වරුන්ගේ රටෙහි ද ජෙරුසලමෙහි ද කළ සියල්ලට අපි සාක්ෂිකරුවෝ වම්හ. ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූ හ.
උන් වහන්සේ තමන් සමඟ ගලීලයේ සිට ජෙරුසලමට පැමිණි අයට බොහෝ දවසක් දර්ශනය වූ සේක. ඔව්හු දැන් උන් වහන්සේ ගැන ජනතාව ඉදිරියෙහි සාක්ෂිකාරයෝ ව සිටිති.