Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 10:41 - සිංහල කාලීන පරිවර්තනය

41 හැම දෙනාටම නො වේ; පෙනුණේ ඒ වන විට දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද සාක්ෂිකරුවන්වූත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, උන්වහන්සේ සමඟ කෑවාවූ, බීවාවූ අපට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 නුමුත් මුළු සෙනඟට නොව, දෙවියන්වහන්සේ විසින් කලින් තෝරාගන්නාලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු පසු උන්වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 10:41
15 හුවමාරු යොමු  

එවිට යූදස් (ඉස්කාරියොත් නො වේ.) කතා කොට, “ස්වාමිනි, ඔබතුමා ලෝකයට හෙළිදරවු නො වී අපට හෙළිදරවු වන්නේ කොහොම දැ?” යි ඇසී ය.


යේසුස්වහන්සේ පැමිණ, රොටි ගෙන, ඔවුනට බෙදා දුන් සේක; මාළු ද දුන් සේක.


ඒ, සත්‍යතාවේ ආත්මයාණන් ය. උන්වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරි ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත්, හඳුනන්නේවත් නැත; එහෙත් ඔබ උන්වහන්සේ හඳුනති. මන්ද උන්වහන්සේ ඔබ සමඟ වාසය කරන සේක්, ඔබ තුළ සිටින සේක.


“යුදෙව් දේශයේත්, යෙරුසලමේත් උන්වහන්සේ කළ හැම දෙයක් ගැනම සාක්ෂිකරුවෝ අපියි. ඔවුහු ගසක උන්වහන්සේ එල්ලා මරා දැමූහ.


උන්වහන්සේ සමඟ ගලීලයේ සිට යෙරුසලමට ගමන් කළ අය බොහෝ දවසක් උන්වහන්සේ දුටුවහ. ඔවුහු දැන් ජනයාට උන්වහන්සේගේ සාක්ෂිකරුවෝයි.


යොහන්ගේ බව්තීස්මයෙන් පටන් ගෙන, උන්වහන්සේ අප වෙතින් ඔසවා ගනු ලැබූ දවස දක්වා අප හා සිටි මේ අයගෙන් කෙනකු, උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකරුවකු විය යුතු යැ” යි පැවසී ය.


ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය.


පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක.


මේ දේවලට සාක්ෂිකරුවෝ ඔබයි.


තව ටිකකට පසු, ලෝකයා තවත් මා දකින්නේ නැත. එහෙත් ඔබ මා දකිනු ඇත. මන්ද මා ජීවත් වන නිසා, ඔබත් ජීවත්වනු ඇත.


මුල පටන්ම ඔබ මා සමඟ සිටි නිසා, ඔබත් මා ගැන සාක්ෂි දැරිය යුතුයි.


උන්වහන්සේ ඔවුන් සමඟ සිටියදී, ඔවුන්ට නියෝග කරමින්, “යෙරුසලමෙන් ඉවත්ව නො ගොස්, කලින් ඔබ මගෙන් ඇසූ පරිදි, පියාණන්වහන්සේගේ පොරොන්දුව ගැන බලා සිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්