ඔබදියා 1:9 - Sinhala New Revised Version ඒසව්ගේ කඳුකරයේ සටන් කරන හැම දෙනා ම මරාදමන තුරු, එම්බා තේමාන්! නුඹේ රණ ශූරයන් භීතියෙන් ත්‍රස්ත වනු ඇත.” Sinhala New Revised Version 2018 ඒසව්ගේ කඳුකරයේ සටන් කරන හැම දෙනා ම මරාදමන තුරු, එම්බා තේමාන්! නුඹේ රණ ශූරයන් භීතියෙන් ත්‍රස්ත වනු ඇත.” Sinhala Revised Old Version ඒසව්ගේ කඳුකරයෙන් හැමදෙනාම මරා සිඳදමනු ලබන පිණිස, එම්බා තේමාන්, නුඹේ බලවන්තයෝ කැලඹෙන්නෝය. |
ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ.
ඒ නිසා, ඒදොම් වැසියන්ට විරුද්ධ ව කර ඇති යෝජනා ද තේමාන් නගර වැසියන්ට විරුද්ධ ව මා සූදානම් කර ඇති සැලසුම් ද ගැන සවන් දෙන්න. ඔවුන් කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. සියල්ලෝ ඔවුන්ගේ ඉරණම ගැන බියට පත් වන්නෝ ය.
සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.”
ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?
දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත.
හේවායන්ගෙන් ඉතා වීරවන්ත අය වුව ද ඒ දවසේ දී නග්න ව පලා යන්නෝ ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්‍රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”
“රාත්‍රියේ සොරු වත්, කොල්ලකාරයෝ වත් නුඹ වෙත පැමිණියෝ නම්, ඔවුන්ගේ සිතේ හැටියට සොරා නොගනිත් ද? මිදි පල නෙළන්නෝ නුඹ වෙත පැමිණියෝ නම්, මිදි පල සමහරක් වත් ඉතිරි නොකරත් ද? එහෙත්, අහෝ! ඔවුන් නුඹ විනාශ කර දමා තිබෙන හැටි!
නුඹේ හේවායෝ ගැහැණුන් වැනි ය. සතුරන් ඉදිරියෙහි වාසල් දොරටු සම්පූර්ණයෙන් ම ඇරී ඇත. නුඹේ දොරටුවල අගුල් ගිනිබත් වී ඇත.
සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්‍රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත.
ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.