ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 21:24 - Sinhala New Revised Version

ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ජාතීන් එහි එළියෙහි ඇවිදිනු ඇත. පොළොවේ රජුන් ඔවුන්ගේ යසස එහි ගෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ජාතීහු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 21:24
22 හුවමාරු යොමු  

මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති.


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


අහෝ! ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු.


රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”


දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති. රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති. ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති. කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.


“අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි.


නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”


මාගේ ශුද්ධස්ථානය අලංකාර කිරීමටත්, මා වැඩවසන ශුද්ධ මන්දිරය තේජවන්ත කිරීමටත්, ලෙබනොන්හි අනර්ඝ දේවදාර ගස් ද හල් ගස් ද නුඹ වෙත ගෙනෙනු ඇත.


මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.


ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.


එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය.


මන්ද, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ සෙනඟ අතර සිටින දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මසිදෝනියේත් ග්‍රීසියේත් සභාවන් තීරණය කර ඇත.


එම්බා ජනයෙනි! දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. එතුමාණෝ සිය සෙනඟගේ මරණයට පළිගන්න සේක; සතුරන්ට දඬුවම් දෙන සේක; එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.”


ඔව්හු, ජාතීන්ගේ ගෞරවය හා ශ්‍රී විභූතිය ඊට ගෙනෙන්නෝ ය.


එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය.