එළිදරව් 16:3 - Sinhala New Revised Version දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය. සිංහල කාලීන පරිවර්තනය දෙවන දේව දූතයා තම පාත්‍රය මුහුද පිට වැගිරවී ය. එවිට එය මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ වූ පණ ඇති සියල්ල මළහ. Sinhala New Revised Version 2018 දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය. Sinhala Revised Old Version දෙවෙනියා තමාගේ පාත්‍රය මුහුදේ වැගිරෙවුවේය; එවිට මුහුද මළ මිනිසෙකුගේ ලේ මෙන් ලේ වුණේය; මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මැරුණෝය. |
එතුමාණෝ ඔවුන්ගේ ගංගා ජලය ලේ බවට හැරෙවු සේක; පානය කිරීමට නොහැකි වන ලෙස දියකඳ ලේ බවට හැරෙවු සේක.
පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි.
එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.
ඔහුගේ අතේ දිග හළ කුඩා පොතක් විය. ඔහු සිය දකුණු පය මුහුද පිට ද වම් පය ගොඩබිම පිට ද තබා,
තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.
එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.