එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.
මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය.
අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.
ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.
“රජ ද තමන් රිසි පරිදි ක්‍රියා කර, සියලු දෙවිවරුන්ට වඩා තමා උසස් කරගෙන, දේවාතිදෙවියන්ට විරුද්ධ ව භයානක අපහාසික වචන පවසන්නේ ය. දේව උදහස ඉෂ්ට වන තුරු ඔහු සඵලවත් වන්නේ ය. මන්ද, නියම කර ඇති දේ ඉෂ්ට වන්නේ ය.
ඔබ දුටු පාද හා පා ඇඟිලිවලින් දැක්වෙන්නේ, කොටසක් කුම්භකාරයාගේ මැටියෙන් ද කොටසක් යකඩෙන් ද යුක්ත ව ඒ රාජ්‍යය බෙදී යන බව ය. එහෙත්, යකඩ මැටි හා මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු පරිදි ඒ රාජ්‍යයේ අයෝමය ශක්තියත් තරමක් දුරට පවතින්නේ ය.
ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය.
අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.
එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය.
මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය.
ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේ ය.
ගිනි මුසු වීදුරු සාගරයක් වැනි දෙයක් ද, මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නාමයේ සංබ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය, දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි.
එකල මකරාගේ කටින් ද, මෘගයාගේ කටින් ද, බොරු දිවැසිවරයාගේ කටින් ද මැඩියන් වැනි අශුද්ධාත්මයන් තුන් දෙනෙකු නික්ම එනු මම දිටිමි.
ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති.
දේව දූතයා ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මරුකතරකට මා ගෙන ගියේ ය. එහි රතු ම රතු මෘගයෙකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ ය. ඌට හිස් සතක් ද අං දසයක් ද විය.
ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි.
අශ්වාරෝහක තැනැන් වහන්සේටත්, උන් වහන්සේගේ යුද්ධ සේනාවටත් විරුද්ධ ව සටන් කිරීමට මෘගයා ද මිහි පිට රජවරුන් ද ඔවුන්ගේ යුද්ධ සේනා ද රැස් ව සිටිනු මම දිටිමි.